Hacking පිලිබද හැදින්වීම <.....Introduction of Hacking.....> | Tricks Lanka Tricks Lanka: Hacking පිලිබද හැදින්වීම <.....Introduction of Hacking.....>
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Sunday, October 4, 2015

Hacking පිලිබද හැදින්වීම <.....Introduction of Hacking.....>

...Hacking පිලිබද හැදින්වීම...


Hacking...ගොඩක් අය කතා කරන්න කැමති අත්හදා බලන්න කැමති Subject එකක් තමයි Hacking කියන්නේ..ඒ වගේම ටිකක් අමාරු Subject එකක්.පුළුල් විෂයක්..ගොඩක් අය Hacking ඉගෙන ගන්න කැමති නිසා මගේ දැනුමෙ හැටියට පුලුවන් තරම් උපරිම කියල දෙන්නම්...ඇත්තටම කිවුවොත් මමත් Hacking වලට Expert කෙනෙක් නෙවේ..මමත් තවම ඉගෙන ගන්නව..හැබැයි මට අවශ්‍ය ප්‍රමානයට දන්නව.. 
මේ ගැන කියල දෙන්න තව හේතුවක් තමයි ගොඩක් අය Hacking කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති එක..ඒ වගේම lanka වගේ  වල Security අඩුයි..ඒ නිසා අපිට මේ ගැන පොඩි හරි දැනුමක්  තියනවන්ම් කපටි සුද්දන්ගෙන් බේරෙන්න හරි පුලුවන්නේ..
ඇත්තටම Hacking කියන්නෙ හොර වැඩ කිරීම නෙවේ..හොර වැඩ කරන්නන්ගෙන් බේරීමට යොදාගන්න ක්‍රමයක්...
මෙහෙම කියනකොට ඔයාලත් මම ගැන මොනවා හිතනවද දන්නැ. ඇත්තටම මම අහිංසක සාදාරන කොල්ලෙක්. කාටවත් අකටුතුකම් කරන්න තුට්‍ටු දෙකේ වැඩ කරන්න මගේ දැනුම බාවිතා කරන් නෑ. ඒ නිසා ඔයාලට මම මේ කියලා දෙන දැනුම තමාගේ ආරක්ෂාව පමණක් යොදා ගන්න. මොකද සමහර අය මේවගෙන් නරක වැඩ කරනවා.එකෙන් තමන්ටම හානි වෙන්නේ කියල කවුරුත් දන්නෙ නෑ.

Expert Hacker කෙනෙක් වෙනව කියන එක ලේසි පහසු වැඩක් එහෙම නෙවේ...ඒකට Programming Languages 10(Java/Python/VB/C/C++/Scripting Languges),Web Development/Engineering(Java Script/PHP/CSS/HTML/MySql),Networking,Command line interface සමග වැඩ කිරීමේ පිලිබදව ඉහල දැනුමක් තියෙන්න ඔනෙ..
ඕවගෙන් Programming Languages 4 ක් Web Engineering ,Network වගේ දන්නවන්ම් සාමන්‍යන් දැනෙන්න වැඩක් කරන්න පුලුවන්..
සමහර විට ගොඩක් අය මේව අහුවෙත් අද වෙන්න ඇති...එහෙම තමයි ලෝකෙ හැටි...මේ මොනවත් දන්නෙ නැති අය අධර්යමත් වෙන්න එපා..ඔයාලටත් වැඩක් කරන්න පුලුවන් වෙන්න මන් කියල දෙන්නම්කො...උත්සහයයි,කැපවීමයි,ඉවසීමයි තියනවනම් ගොඩ..
මම මේ Blog එකේ මම Publish කරන Post වල වැරදි දේවල් තියනවනම් ඒවා නිවැරදි කරගන්න උදව් කරන්න කියල මම ඉල්ලා සිටිනවා. ඔයාලගේ දැනුමත් මාත් එක්ක බෙදාගන්න ආසනම්,ඔයාලගේ ලිපිත් මේ Blog එකේ Publish කිරීමට කැමතිනම් මට දන්වන්න.ඔයාලගේ කත්තෘ බාවය සමග මෙහි පල කිරීමට මම අයිතිය දෙනවා.

කවුරුත් වැඩිය කියවන්න කැමති  නෑ නේ..ඒ හින්ද පලවෙනි Post එකෙන් Hacking Introduction එක ගැන කියල දෙන්නම්..ඊට පස්සේ ඉතින් වැඩ තමයි...

දැන් අපි බලමු Hackersල වර්ග මොනවද කියල..මේ අය
1.Black Hat Hacker
2.White Hat Hacker
ලෙස ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නව...


Black Hat Hacker
Black Hat Hacker, මෙයාලව Hacking ලෝකයේදී හදුන්වන්නේ නරක වැඩ කරන අය. එකියන්නේ නීති වලට පිටින් වැඩ කරන කට්ටිය. එයාල ලග ධනත්මක ආකල්ප නෑ. එයාලා හැම වෙලේම තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කෙනෙකුගේ හෝ ආයතනය වල දත්ත හොරෙන් ගන්න එක තමයි කරන්නේ...
මෙයාල කරන්නේ Online බැංකු, Credit-card, Website, Company වලට හොරෙන් ඇතුළුවෙලා දත්ත හොරා ගන්න අය. ඔයාලගේ Face-book වලට එහෙම වැඩේ දෙන්නේ මෙයාල තමයි...

White Hat Hacker

White Hat  කියන්නේ සයිබර් අවකාශයේ Black Hat Hackers ල අල්ලන අය...මෙයල Black Hat Hackers ලට වඩා ඉහල දැනුමක් තියනව.. මෙයාල නීති රීති වලට පිටින් වැඩ කරන්න නැ. මෙයාලා ඉන්නේ කාගේත් යහපත උදෙසා. මෙයාලත් Hacking වලට Expert අය.

Script kiddie 

මෙයාලත් Hackers ලා වර්ගයක් තමයි.Script Kiddie කියන්නේ Hackers ල වෙන්න ඉන්න අයට..   මේ අය තමයි Hacking ගැන වැරදි විදියට සමාජයට පෙන්නන්නේ.මේ අයගෙ නරකම ආකල්පය තමයි මෙයාල හිතන්නේ Hacker කෙනෙක් කියන්නේ නරක වැඩ කරන කෙනෙක් කියල හිතන එක..
ඒ වගේම මෙයාලට Hacking පිලිබද කිසිම දැනුමක් නෑ...මෙයාලගෙ එකම වැඩේ තමයි කවුරු හරි දෙන Script එකක් හරි Programme/Applicaiton එකක් හරි use කරල තමන්ගෙ වැඩේ ඉශ්ට කරගන්න එක
නමුත් එතනදි ඇත්තටම සිද්දවෙන්නෙ මොකද්ද කියල එයාල දන්නේ නෑ..

Intermediate hackers

 මෙයාල තමයි අතර මැදි අය..ඔන්න මෙයාල තමයි Programming ගැන Networking ගැන එහෙම ප්‍රමාණවත් දැනුමක් තියන කට්ටිය...මෙයාලට තමන්ගෙම කියල තනියම Programming Language එකක් භාවිතා කරල Hacking Tool/Programs හදන්න පුලුවන් අය.. Hacking වලින් යමක් කරන්න පුලුවන් අය මේ කොටසට වැටෙනව..එත් මෙයාල ලොකු දෙයක් කරන්න කරන්න හැකියාවක් නම් නෑ. එ්ත් යම් තරමින් Script kiddies ලට වඩා ඉදිරියෙන් ඉන්නවා.


Elite Hackers 

මෙයාලට තමයි අපි  කියන්නේ Expert Hackers ල කියල..එයාලට Hacking පිලිබදව ඉහල දැනුමක් තියනව වගේම මෙයාලට ඕනෙ නම් ඉතා සුලු කාලයකින් ඉතා විශාල පරිගනක පද්ධතියක් පවා කඩා බිද දැමීමට උනත් පුලුවන්.ඉතා දියිනු Hacking Tools හදන්නේ මෙයාල තමයි. මෙයාල දෙයක් කරොත් එයාලා ගිය Path එක පවා මකා දමා අසු නොවන පරිදි ගැලවීමේ හැකියාවක් තියනවා. හොද Logical දැනුමක් තියන අය.

  • Hacking කියන දේ විහිලුවකට අරන් නරක දේවල් කරන්න ගිහින් අහු උනොත් ඉතින් සදාකාලිකවම ලුනුයි බතුයි කකා ඉන්න තමයි වෙන්නේ..අනාරක්ෂිත ලෙස කරන කිසිම දෙයකට මා විසින් වග කියනු නොලැබේ..

ඊලග Post එකෙ  ඉදන් Hacking Tricks ටිකක් අත් හදාබලමුකො...බයවෙන්න එපා..මන් Test කරල දෙන්නේ හැමෝටම කරන්න පුලුවන් විදිහට..යන ගමන් Comment එකක් දාලම යන්න Help එකක් විදිහට....





Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-